වෙඩි තියලා ගිහින් දුන්න Call එක

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් අලෙවිසැළක් තුළ ඊයේ (09) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමෙන් පසුවත් තුවාලකරුවන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබී තිබෙන බව වාර්තා වෙනවා.

නිර්නාමික ඇමතුමක් ලබාදී තුවාලකරුවන්ට පවසා ඇත්තේ ..උඹලා තාම මැරුණේ නැහැ නේද ?.. යනුවෙනි.

මෙම වෙඩි ප්‍රහාරයට පෙර අවස්ථා කිහිපයකදී ද වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින්ට තර්ජන එල්ලවී ඇති බව සඳහන් වෙනවා.

මේ අතර, ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන තම්මිට සමරේ නැමැත්තා විසින් මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇතිබවට තොරතුරු ලැබී තිබෙන බව පොලීසිය පවසනවා. වෙඩි තැබීමෙන් අදාළ වෙළෙඳසැලේ හිමිකරු වන 34 හැවිරිදි චාමර සඳරුවන් සහ ඔහුගේ සහායකයා වන 30 හැවිරිදි අසිත දේවින්ද තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් මේ වනවිට ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ චාමර සඳරුවන් නම් වෙළෙඳසැලේ හිමිකරු කෙහෙල්බද්දර පද්මේ නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය සඳහන් කරනවා.

පලාගිය වෙඩික්කරුවන් සොයා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *