ප‍්‍රපාතයකට පෙරළී ගිය මෝටර් රථය

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක්, හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදී අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මෙම අනතුර ඊයේ 15 පස්වරුවේ සිදුව ඇති අතර, අනතුරට පත්වන අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු පමණක් හිඳ ඇති බව පොලීසිය සඳහන් කරනවා.

අනතුරින් රියදුරුට කිසිඳු තුවාලයක් නොමැතිව බේරි ඇතත්, මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙන අතර, මෝටර් රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුව වන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *