මව්බිම වෙනුවෙන් රටවිරුවන්ගේ දායකත්වය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7 ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව 2025 ජනවාරි – මැයි කාලපරිච්ඡේදය තුළ දී ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,102.2 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන් වෙනවා.

මෙය 2024 වසරේ පළමු මාස 05 තුළ වාර්තා වී ඇති විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 2,624.4 හා සැසඳීමේ දී 18.2% ක වර්ධනයක් වෙනවා.

මේ අතර 2025 මැයි මාසය තුළ දී වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 164.1 ක් ලෙසින් වාර්තා වෙනවා. ඒ අනුව 2025 මුල් මාස 05 තුළ වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම ඩොලර් මිලියන 1,543.1 ක් ලෙසින් සටහන් වන අතර එය 2024 මුල් මාස 05 වාර්තා වුණු ඩොලර් මිලියන 1,405.6 ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයට වඩා 9.8% ක ඉහළ යාමකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *