ආන්දෝලනයට තුඩු දුන් බටලන්ද වාර්තාව සබයට

ආන්දෝලනයට තුඩු දුන් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.

එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ, අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවයි.

මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා තිබෙනවා.

ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබෙන බවත්, මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර තිබෙනවා.

සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින 2ක විවාදයක් පැවැත්වීමටත් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *