පොලීසියේ ඉල්ලීමට අධිකරණයෙන් අවසර

පසුගියදා කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයකු මරා දැමීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන මස 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
කොටහේන පොලිසිය මගින් රඳවාගෙන ප්‍රශ්න කරන ලද මෙම සැකකරු අද (25) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවට පමුණුවනු ලැබුවා.
මෙම සැකකරු රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කළ බවත්, ඔහු රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
මෙම සැකකරු කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස ක්‍රමයේ පදිංචිව සිටි අතර, ඔහු විසින් කොටහේන ප‍්‍රදේශයේ ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරුවන්ට ආයුධය ලබාදී තිබෙනවා කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.