දේවාලයටත් අධිකරණයෙන් තහනම් නියෝගයක්

හෙට (11) දිනට නියම කර තිබූ සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්.වී.චන්ද්‍රසිංහ මහතා විසින් ගොණු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව, ලබන 20 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි මෙමම අතුරුතහනම් නියෝගය නිකුත් කර තිබෙන බව සඳහන් වෙනවා.
අදාළ නිලවරණය පැවැත්වෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වෙනවා.