කට්ට කාගෙන පෝළිමේ හිටිය කාලේ ඉවරයි

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසා තිබෙනවා. ඒ, ඊයේ (18) රාත්‍රියේ සිටයි.
ඒ අනුව, දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 4000 ක් නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරනවා.
කොළඹ කොටුවේ සිට බත්තරමුල්ල දක්වා රාත්‍රි කාලයේ ලංගම බස් සේවාවක් ද අද සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.