ව්‍යාපාරික ලොවේ දැවැන්තයෙකුගේ නික්ම යාම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වෙනවා.

දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා උපත ලැබුවේ, 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දීයි.

2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට එක්ව ඇති එතුමා, මෙරට ඩෙන්මාර්කය සඳහා ගරු කොන්සල් ජනරාල්වරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු මෙන්ම ප්‍රබල ව්‍යාපරිකයෙකු වූ ජයවර්ධන මහතා මිය යන විට මෙල්ස්ටාකෝප් පීඑල්සී හි සභාපතිවරයා ලෙස මෙන්ම ඩිස්ටිලරීස්, ශ්‍රී ලංකා පීඑල්සී, ලංකා බෙල් සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම්වල ද සභාපතිත්වය දැරුවා.

කෙසේ වෙතත්, කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු වුණා. එතුමාගේ අවසන් කටයුතු පිළිබඳ තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *