නිල සංචාරය අවසන් කළ ජනපතිගේ ගමනාන්තය

2025 ලෝක රාජ්‍ය සමුළු සහභාගිවීම වෙනුවෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද 13 උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අද උදෑසන 08.25 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 650 දරන ගුවන් යානයෙන්.
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය පෙබරවාරි 10 වන දින දිවයිනෙන් පිටත්ව ගිය අතර, මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වූ 2025 ලෝක රාජ්‍ය සමුළුව ද අමතනු ලැබුවා.
ඒ වගේම, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වූ රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබූ බවත් වාර්තා වුණා.
