පොලිස් දැලට හසු වූ හබරකඩ කසුන්ගේ ගෝලයා

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ හබරකඩ කසුන් නැමැත්තාගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලීසියේ දූෂණ මර්ධන ඒකකය සමත්ව තිබෙනවා.

සැකකරු අම්බලන්තොට පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහු මීට මාස කිහිපයකට පෙර නවගමුව ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබෙන බව සඳහන් වෙනවා.

එහිදී ඔහු කාන්තාවක් සමග වාසය කරමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවත්, සැකකරු ගිණුමට මුදල් ලැබුණු පසු විවිධ ස්ථාන වෙත ගොස් අයිස් මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවත්, පොලීසිය සඳහන් කරනවා.

ඒ අනුව, බස්නාහිර බුද්ධි ඒකකයේ නවගමුව උප ඒකකයට ලද තොරතුරක් මත නවගමුව පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති තාරක රාජපක්ෂ මහාතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එහිදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 202 ක් සොයා ගැනීමට ස අදාළ ඒකකය සමත්ව තිබෙනවා.

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 ක් රුපියල් 15,000 ක් වැනි මුදලකට අලෙවි කර ඇති බවද පොලීසිය මෙහිදී අනාවරණය කරගෙන තිබෙනවා.

අදාළ සැකකරු හෙට 19 කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී රැඳවුම් නියෝග ලබා ගැනීමට ද නියමිත බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *