එක්ව දැකිය යුතු නිදහසේ සිහිනය

අද (04) උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 77 වන නිදහස් දින සැමරුම ආරම්භ කෙරුණා.

මෙවර නිදහස් දිනය සුවිශේෂ දිනයක් බවත්, නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස අද දිනයේ අනාගතය දෙස බලාගෙන සමරනු ලබන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

උතුරේ, දකුණේ, නැගෙනහිර හා රට මැද ජනතාව අනාගත පොහොසත් රාජ්‍යයක් ගැන මෙන්ම, නුතන ශ්‍රී ලාංකික ජාතියක් ගැන සිහින දකිමින් සිටින මොහොතක නිදහස් දිනය සැමරීමට ලැබීම විශේෂත්වයක් බව ද නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *