සාර්ථක ඉණමක අවසානය

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන හා අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 281 ක් රැස්කිරීමට සමත් වී තිබෙනවා.
ඒ අනුව, තරගාවලිය පරාජයෙන් බේරීම සඳහා ඔස්ට්‍රේලියාවට ලකුණු 282 ක ඉලක්කයක් සම්පූර්ණ කරගත යුතු වෙනවා.
ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 101 ක් රැස්කළ අතර, නායක චරිත් අසලංක මෙවරද සාර්ථක ඉනිමක් ගොඩනගමින් නොදැවී ලකුණු 78 වාර්තා කර තිබෙනවා.
එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු විවේකගන්වා අද තරගට කැඳවූ නිශාන් මධුෂ්ක ලකුණු 51 ක් හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 32 ක් රැස්කිරීමට සමත් වුණා.