කුරාණය ගිනි තැබූ සල්වාන්ගේ ඉරණම

ඉස්ලාම් ආගමට එරෙහිව ඉකුත් වසරේ පැවති විරෝධතාවලදී කුරාණය පිට පිට පිළිස්සීමේ චෝදනා එල්ල වී තිබූ ස්වීඩනයේ වාසය කරන ඉරාක ජාතික සරණාගතයකු කිසියම් පිරිසක් විසින් වෙඩි තබා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම ඝාතනය සිදුව ඇත්තේ චූදිත ඉරක ජාතික සල්වාන් මොමිකාගේ ඉස්ලාම් විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ස්වීඩනයේ අධිකරණයකින් තීන්දුව ලැබීමට නියමිතව තිබූ දිනයට පෙර දිනයේදී බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ ඉරාක ජාතිකයා ස්වීඩනයේ සොඩර් ටයිජේ නගරයේ පිහිටි නිවසකදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. තිස් අට හැවිරිදි සල්වාන් ගේ ඝාතනය සම්බන්ධයෙන් ස්වීඩන් පොලිසිය විසින් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *