මහානායක හිමිවරුන්ගේ ප‍්‍රසාදය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්මේ මංගල්‍යය පිළිබඳ මූලික සාකච්ඡාවක් ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.

දළදා වහන්සේ ප්‍රදර්ශනය සිදු කෙරෙන කාලවකවානුව තුළ මහනුවර ප්‍රදේශයේ පාසල් නිවාඩු ලබාදීමටත්, ඒ සඳහා දරුවන්ගේ අධ්‍යාපනයට වෙනත් දිනයන්හි පාසල් පැවැත්වීමටත් යෝජනා විය.

දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සහ කසළ කළමනාකරණය පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කළ අතර, එම කාලය තුළ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ජනතාවගේ සෞඛ්‍යල පානීය ජල අවශ්‍යතා සහ සෙසු පහසුකම් සැලසීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාදීම වෙනුවෙන් දන්සල් පැවැත්වීමට කැමැති පිංවතුන්ට ලියාපදිංචිවීම සඳහා අවස්ථාව ලබාදීමටද සාකච්ඡා වී තිබෙනවා.

ජනතාව තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන අයුරින් සැරසිලි කටයුතු සිදු කිරීම සහ විශේෂ දළදා දැක්මේ මංගල්‍යය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වි තිබෙනවා.

විශේෂ දළදා ප්‍රදර්ශනයේදී ප්‍රධාන වශයෙන් පෝලිම් තුනකින් පැමිණෙන මහජනතාවට දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවස්ථාව ලබාදීමට මෙහිදී සාකච්ඡා වී ඇති අතර, දළදා වහන්සේගේ හා මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගෙන් ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *