මංගල අසු පිටදීම අවසන් ගමන් ගිහින්

මනාලයෙකු සිය මංගල දිනයේදීම හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා. එලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා මංගල පෙරහැර අතරතුරදී සිය මිතුරන් සමග නර්තනයේ නිරතව සිටි අතර, අනතුරුව මනාලයා අශ්වයා මතට නැග සිටින අවස්ථාවේදී මෙම මරණ සිදුව ඇති බව වාර්තා වෙනවා.
මංගල අවස්ථාවට සහභාගී වූ මනාලයාගේ පවුලේ සාමාජිකයින් ඔහුව රෝහල් ගතකළත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව සඳහන් වෙනවා.
මෙම පුවත ඇසූ පසු මනාලියද සිහිසුන්ව ඇදවැටුනු බවත්, ඔහුගේ මරණයට හේතුවී තිබුණේ හදිසි හෘදයාබාධයක් බවත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.