දින ගණනාවක් පුරාම පැතිර යන ගින්න

දකුණු කොරියාවේ තෙදිනක් පුරාවට ව්‍යාප්තව යමින් පවතින ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම සිදුවීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඉන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත්, එම මාධ්‍ය වාර්තාවල සඳහන් කරනවා.

සෝල් නුවර සිට කිලෝමීටර් 250 ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටි සැන්චියොන්ග් ප්‍රාන්තයෙන් පසුගිය සිකුරාදා, මෙම ගින්න ආරම්භ වූ අතර පසුව එය අනෙකුත් ප්‍රදේශ කරාද පැතිර ගොස් තිබෙනවා.

මේ අතර, පවතින ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා සියලු සම්පත් යොදා ගන්නා ලෙස ආපදා බලධාරීන් ගිනි නිවීමේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

කොරියානු මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විට හෙක්ටයාර 3,286.11 ක භූමි ප්‍රමාණයක් ආසන්න වශයෙන් ගිනිගෙන විනාශ වී ඇති බවත්, උතුරු ග්ගොංසැං පළාතේ යුයිසොං සහ සැන්චියොං හී පිළිවෙලින් හෙක්ටයාර දාහකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී අති බවත් සඳහන් වෙනවා.

තවද අද 23 දිනය වන විට එරට ගිනිකොණදිග කලාපය පුරා ප්‍රදේශ හතරක ලැව්ගිනි නිවා දැමීමට ගිනි නිවීමේ භටයින් කටයුතු කරමින් සිටි බවත් කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *