අද හවස අංගොඩ ඇතිවූ ගින්න

අංගොඩ හංදියේ මෝටර් රථ අමතර කොටස් සකස්කරන ආයතනයක ඇති වූ ගින්නක් සවස් වනවිට අවට වෙළෙඳසැල් දෙකක් කරා පැතිර ගොස් තිබූ බව වාර්තා වෙනවා.

ගිනිනිවන රථ පැමිණීමට පෙර ප්‍රදේශවාසීන් ගින්න නිවීමට මහත් පරිශ්‍රමයක් යෙදුවත් වේගයෙන් පැතිරුණු ගින්න පාලනය කර ගැනීමට ඔවුන්ට හැකි වී නොමැති බව සඳහන් වෙනවා.

සවස් වනවිට කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් පැමිණ ගින්න පාලනය කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටි අතර, ගින්නෙන් නිවසක් සහ වෙළෙඳසැලක් මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී තිබූ බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *