පදවියට පත්වීමෙන් පසු පැමිණෙන පළමු අමුත්තා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරයක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බොහෝ විට එම සංචාරය පෙබරවාරි මාසයේදී සිදුවනු ඇති බව ට්‍රම්ප් ද පවසා තිබෙන බව සඳහන් වෙනවා.
ඒ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පසුගියදා දිවුරුම් දීමෙන් අනතුරුව අමෙරිකාවට සංචාරය කරන්න පැමිණෙන වගේම, ජනපති ට්‍රම්ප්ව හමුවන පළමු රාජ්‍ය නායකයා බවට මෝදි පත්වනු ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
විශේෂයෙන් ම මෙම සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇති බවත් සඳහන් වෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉකුත් සඳුදා ට්‍රම්ප් සමග දුරකථන සාකච්ඡාවක ද නිරතවී තිබුණු අතර, දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.