International Masters League 2025 ලංකාවේ පළමු තරගය

ඊයේ (22) ආරම්භ වූ International Masters League 2025 තරගාවලියේ පළමු තරගයෙන් කුමාර් සංගක්කාර නායකත්වය දැරූ ශ්‍රී ලංකා පිල පරාජයට පත් කරමින්, ලකුණු 4 ක තියුණු ජයක් ලැබීමට සචින් තෙන්ඩුල්කාර් ප්‍රමුඛ ඉන්දීය පිල සමත්වී තිබෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4 ක් දැවී ලකුණු 222 ක දැවැන්ත ලකුණු ප‍්‍රමාණයක් ලබාගත්තා.
එහිදී ඉන්දීය පිල වෙනුවෙන් ස්ටුවර්ට් බිනී පන්දු 31 කින් හයේ පහර 7ක් සමඟින් ලකුණු 68 ක් සහ යූසුෆ් පතාන් පන්දු 22 කදී හයේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත්වුණා.
ලකුණු 223 ක දැවැන්ත ඉලකයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ පිළිතුර ඉනිම කඩුලු 9 කට ලකුණු 218 ක් ලෙසින් සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නන් මෙහිදී සමත්වූයේ ලකුණු 4 ක තියුණු ජයක් සිය කණ්ඩායම ඉදිරියේ සනිටුහන් කරමිනි.