හෙට ආරම්භ වෙන පළමු අදියර

ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ පළමු අදියර හෙට (07) ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

මන්ත්‍රී අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා.

මෙම උළුකර්මාන්තශාලාව 1990 වර්ෂයේ සිට අත් හැරදමා තිබූ අතර පසුගිය කාලපරිච්චේදය තුළ මෙරට බොහෝ කර්මාන්තශාලා බිඳවැටී තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *