අභාවප්‍රාප්ත වූ නැමීබියාවේ පළමු ජනපති

දකුණු අප්‍රිකාව වර්ණභේදවාදයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ස්වාධීන නැමීබියාවේ පළමු ජනාධිපති සෑම් නුජෝමා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 95 හැවිරිදි වියේ පසු වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සෑම් නුජෝමා 1990 දී ජනාධිපති ධුරයට පත් වූ අතර 2005 දක්වා එම ධුරයේ කටයුතු කර තිබෙනවා.
ඔහු පසුගිය සති තුන තුළ සුව කළ නොහැකි අසනීපයකින් රෝහල් ගත කර සිට ඇති අතර වින්ඩ්හෝක් අගනුවරදී අභාවප්‍රාප්ත වූ බව නැමීබියානු ජනාධිපති නන්ගෝලෝ ම්බුම්බා පවසා තිබෙනවා.