අභාවප්‍රාප්ත වූ පළමු ශ‍්‍රී ලාංකීය සභාපති

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනවා.

කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයක් ලෙස හඳුන්වනවා. ජෝන් කීල්ස් සමූහයේ සභාපතිත්වය දරන කාලේදී එහි පාලිත සමාගම් සියල්ලගේම සභාපතිවරයා ලෙසින් කෙන් බාලේන්ද්‍ර මහතා කටයුතු කළ අතර, ඊට අමතරව ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් ඇෂුවරන්ස් ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර මෙන්ම අධ්‍යක්ෂ ධූර ද හොබවා ඇති බාලනේද්‍ර මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු (1998 – 2000) ද වෙන බව සඳහන් වෙනවා.

යාපනයේ, ඉනුවිල් රෝහලේ දී උපත ලද කෙන් බාලේන්ද්‍ර මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ ජීවත් වූ අතර ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වන කෙන් බාලේන්ද්‍ර පාසල් කාලයේ සිටම රග්බි ක්‍රීඩාවට දස්කම් දැක්වූ අයෙක් ලෙස හඳුන්වනවා.

මියයන විට 84 වන වියේ පසුවුණු දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු පිළිබඳ තොරතුරු මෙතෙක් ප‍්‍රකාශ කර නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *