ඇල්ල පුංචි ශ්‍රී පාදයෙන් වැටුණූ විදෙස් කත

ඇල්ල පුංචි ශ්‍රී පාදයේ සංචාරය කළ අවුරුදු 64 ක් වූ ප්‍රංශ ජාතික කාන්තාවක් ප්‍රපාතයෙන් පහළට ඇද වැටී තිබෙනවා.
අනතුරින් ඇගේ හිසට සහ පාදයකට දැඩි ලෙස තුවාල සිදුව ඇති බව සඳහන් වෙනවා.
ඊයේ 19 සවස අනතුර සිදුව තිබුණේ දැඩි බෑවුම් සහිත ප්‍රදේශයකදී වන අතර, Flying Rawana සේවකයින් විසින් ඩ්‍රෝන කැමරා ආධාරයෙන් ඇය සිටි ස්ථානය සෝදිසි කර පසුව ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇයව ගොඩට ගෙනැවිත් තිබෙනවා.
මේ වනවිට අදාළ විදෙස් කත දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව සඳහන් වෙනවා.
