මරණ දඬුවම හිමිවූ කැනේඩියානුවන් සිව්දෙනා

චීනය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වු කැනේඩියානු ජාතිකයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් සියලු දෙනාම ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් බව කැනේඩියානු විදේශ අමාත්‍යවරයා පවසනවා.

චීනය මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලැබුවද විදේශිකයින් සඳහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *