අදින් අවසන් වන සිව්වැනි සාමාලෝචනය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ සිව්වැනි සාමාලෝචනය අදින් අවසන් වෙන බව වාර්තා වෙනවා.

ඊට අදාළ සාකච්ඡා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර පසුගියදා ආරම්භ වූ බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයත්න ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.

අදාළ සාකච්ඡා වොෂින්ටන් නුවරදී පැවැත්වෙන බව සඳහන් වෙනවා.

ඊට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහබැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටින බව වාර්තා වෙනවා.

ඒ අනුව, සිව්වැනි සාමාලෝචනය අවසන් වීමත් සමග පස්වැනි ණය වාරිකය බෙදා හැරීම සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ප්‍රකාශයට පත් කරනු ඇති බව ආචාර්ය අනිල් ජයත්න ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *