ජනපති ට‍්‍රම්ප් බලන්න යන මිතුරා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන බදාදා අමෙරිකාවට පැමිණීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් දින දෙකක කාලයක් අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බවත්, එහිදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා සිදුකිරීමට ද සැලසුම් කර ඇති බවත් එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
විශේෂයෙන් ම එහිදී දෙරට අතර ආර්ථික වශයෙන් වැදගත් තීන්දු රැසකට එළඹීමට නියමිත බව වාර්තා වෙනවා.
