එක්සත් අරාබි රාජ්‍යයෙන් අපිට ලැබුණූ තෑගි

එක්සත් අරාබි රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් හා මියර්කැට් යුවල් 03 ක් සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යානයන්හී ප්‍රදර්ශනය සඳහා ගෙන්වා තිබෙන බව වාර්තා වෙනවා.

මෙම සතුන් මෙරටට ගෙන්වා ඇත්තේ ඊයේ (10) දිනයේයි.

හයිනා සතුන් රිදීගම සෆාරි උද්‍යානය වෙතත්, අනෙක් සතුන් දෙහිවල සත්ව උද්‍යානය වෙතත්, මසක කාලයක් සඳහා නිරෝධායනය සඳහා යොමු කර තිබෙන අතර, නිරෝධායන කාලසීමාවෙන් පසුව අදාළ සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *