වසර 12 කට පසු කෝලි බලන්න ආව පිරිස

ඉන්දීය ක්‍රීඩාලෝලීන් දහස් සංඛ්‍යාවක් මේ වනවිට දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණය වෙත එක්රැස් වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඊට හේතුව ලෙස සඳහන් වෙන්නේ, විරාට් කෝලි ක්‍රීඩාකරන තරගයක් පැවැත්වෙන බවයි.

ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රමුඛපෙළේ සිව්දින ක්‍රිකට් තරගාවලියක් වන රංජි කුසලාන තරගාවලියේ දිල්ලි කණ්ඩායම හා දුම්රිය කණ්ඩායම අතර තරගය අද (30) ආරම්භ වුණා.

එහි දිල්ලි කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලිද ක්‍රීඩා කරන අතර, මෙලෙස ඔහු ඉන්දීය පළමුපෙළ ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩාකරනුයේ වසර 12 කට පසුව බව පැවසෙනවා.

ඒ අනුව, දීර්ඝ කාලයකට පසු විරාත් කෝලි දේශීය තරගයක ක්‍රීඩාකරන අයුරු දැකබලා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් අරුන් ජේට්ලි ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබෙනවා.

තරගය ආරම්භයේදී ක්‍රීඩාලෝලීන් 6,000 කට අසුන්ගත හැකි .ගෞතම් ගාම්භීර්. මණ්ඩපය විවෘත කිරීමට ක්‍රීඩාංගණ බලධාරීන් කටයුතු කර අතර, පැමිණි පේ‍්‍රක්ෂක පිරිස දිගින් දිගටම වැඩිවීම හේතුවෙන් ක්‍රීඩාලෝලීන් 11,000ක පමණ පිරිසකට අසුන්ගත හැකි .බිෂාන් සිං බේඩි. මණ්ඩපය ද විවෘත කිරීමට සිදු වී තිබෙන බව සඳහන් වෙනවා.

ඉන්දීය කණ්ඩායම අවසන්වරට සිදුකළ ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය තරග 3-1ක ලෙස පරාජය වීමත් සමග ඉන්දීය කොන්ත්‍රාත් ක්‍රීඩකයින්ට දේශීය ක්‍රිකට් ක්‍රීඩාකිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අනිවාර්ය කළා. ඒ හේතුවෙන් විරාට් කෝලි ද යළිත් මේ ආකාරයට දේශීය තරග බිමට අවතීර්ණ වී සිටින බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *