සුහද හමුවකට දිවයිනට පැමිණි ආගන්තුකයා

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO – 357’ යුද නෞකාව අද 16 කොළඹ වරායට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා. ඒ සුහද සංචාරයක් සඳහායි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදුකර තිබෙනවා.
මෙලෙස කොළඹ වරායට පැමිණි ඵම Multirole Light Frigate වර්ගයට අයත් ‘KRI BUNG TOMO – 357’ යුද නෞකාව, දිගින් මීටර් 95 ක් හා නැව්මුළුව 111 ක ගෙන් සමන්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Captain (N) DEDI GUNAWAN WIDYATMOKO කටයුතු කරනු ලබනවා.
තවද, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, සුහද සංචාරයෙන් අනතුරුව ‘KRI BUNG TOMO – 357’ නෞකාව හෙට 17 දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙනවා.