උණුසුම් වූ රජයේ මුද්‍රණාලය

අද දහවල් කාලයේ රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වුණා.
මෙම උණුසුම් තත්ත්වය හට ගෙන තිබෙන්නේ, මුද්‍රණාල සේවකයෙකු හා එහි ආරක්ෂක නිලධාරියෙක් අතරයි.
ආහාර ලබාගැනීම සඳහා මුද්‍රණාලයෙන් පිටව ගොස් ඇති අදාළ සේවකයා නැවත මුද්‍රණාලය තුළට එනවිට ආරක්ෂක නිලධාරියා සමග බහින් බස්වීමක් ඇතිව තිබෙන අතර, පසුව ආරක්ෂක නිලධාරියා තියුණු ආයුධයකින් සේවකයාට පහරදීමට උත්සාහ දරා තිබෙනවා.
