සිරගත කළ ඉස්තාන්බුල් නගරාධිපති
නඩු විභාගයක් පැවැත්වෙන තෙක් ඉස්තාන්බුල් නගරාධිපති Ekrem Imamoglu සිරගත කිරීමට තුර්කි අධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එරට ජනාධිපති එර්ඩෝගන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන Ekrem Imamoglu සහ තවත් 20 දෙනෙකු සිරගත කිරීමට නියෝග කර ඇති බව එම මාධ්‍ය වාර්තා කරනවා.
53 හැවිරිදි වියේ පසුවන Imamoglu අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය පළ කරමින් දහස් සංඛ්‍යාත ජනතාව වීථි බැස ඇති බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, ඔහු සන්නද්ධ ත්‍රස්තවාදී සංවිධානයකට ආධාර කිරීම සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතින නමුත් මෙතෙක් ත්‍රස්ත චෝදනා ඉදිරිපත් කර නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
