එයාර්පෝර්ට් එකෙන් අල්ලගත්ත ඉන්දියානුවා

රුපියල් මිලියන 52 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05ක් සහ ග්‍රෑම් 200 ක තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

34 හැවිරිදි සැකකරු අත්ඩංගුවට ගෙන තිබෙන්නේ, අද (05) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදීයි.

කුෂ් මත්ද්‍රව්‍ය තොගය සිය ගමන් මළුවල තිබූ ආහාර පැකට් තුළ සුක්ෂම ලෙස සඟවාගෙන ඔහු මෙරටට රැගෙන විත් ඇත්තේ, තායිලන්තයේ බැංකොක් නුවර සිට බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *