සැකකරුවන් අතර ඝාතකයාද සිටී

ජා-ඇළ, උස්වැටකෙයියාව වෙරළ තීරයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට, පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනව බව වාර්තා වෙනවා.
මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී සැඟව සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින බවත්, අදාළ වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු ද සැකකරුවන් අතර සිටින බව වාර්තා වෙනවා.
පමුණුගම, උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේදී පසුගිය 20 වනදා රාත්‍රියේ මෙම පුද්ගලයාට වෙඩිතබා ඝාතනය කර තිබුණු අතර, එම පුද්ගලයාව දණගස්වා ටී – 56 ගිනි අවියකින් ඩබල් ටැප් ක්‍රමයට වෙඩිතබා ඇති බව පොලීසිය සඳහන් කළා.
වෙඩි තබන අයුරු සහ වෙඩික්කරු පළායන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.
කෙසේ වුවත්, මියගිය පුද්ගලයා 29 හැවිරිදි අයෙක් වන අතර අයේෂ්කාන්ත බෝපේආරච්චි නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව මේ පිළිබඳ විමර්ශන සිදුකළ පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.