නම් රැසකින් පෙනී සිටි ඝාතකයා

පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අද ඊයේ (19) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන කරුණු රැසක් අනවාරණය කරගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.
පුත්තලම පාලවිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා නම් කිහිපයකින් පෙනී සිටි අයෙකු බව, ඔහු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා තිබෙනවා.
ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබෙන බවත්, ඒ අතර නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන බවට සකසන ලද නීතිඥ හැඳුනුම්පතක් තිබෙන බවද පවසනවා.
එමෙන්ම ඔහු පළමු අවස්ථාවේදී මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමින් පෙනීසිට ඇති අතර, පසුව සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනආරච්චි යන නම භාවිතාකර තිබෙනවා.
ඔහු විසින් ව්‍යාජ ලෙස සැකසූ නීතිඥ හැඳුනුම්පතක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නම එහි සඳහන්කර තිබෙනවා.
ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන අතර, ඉදිරි විමර්ශනවලදී මෙම සැකකරු සම්බන්ධ සැබෑ තොරතුරු සහ ඔහුට ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සියලු දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.
