කුම්භමේලා ඛේදවාචකය

ලොව විශාලතම ආගමික ඒකරාශීවීම ලෙස සැළකෙන කුම්භමේලා උත්සවය අතරතුර ඇතිවූ තෙරපීමෙන් පුද්ගලයින් 10 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් ඉන් සිදුවූ මරණ සහ තුවාලකරුවන් ගැන සඳහන් නිල වාර්තාවක් මෙතෙක් වාර්තා වී නැති අතර, අදාළ සිදුවීම සම්බන්ධව අදහස් පළකළ උත්තර් ප්‍රාන්ත මහ ඇමති යෝගි ආදිත්‍යනාත් පවසා තිබුණේ කිසිදු කලබලයකින් තොරව සංගම් හි ස්නාන් චාරිත්‍රය සිදුවෙමින් පවතින බවයි.

එමෙන්ම පැතිර යන කටකතා සම්බන්ධව අවධානය යොමු නොකරන ලෙස ද ඔහු බැතිමතුන්ගෙන් ඉල්ලා සිට තිබෙනවා.

ඉන්දීය වාර්තාවලට අනුව කුම්භමේලා උත්සවයේ ප්‍රධාන ස්නානය වන අම්රිත් ස්නාන් චාරිත්‍රයට එක්වීමට මිලියන 100 කට වැඩි බැතිමතුන් පිරිසක් ප්‍රයාග්රාජ් වෙත පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ කුම්භමේලා හි මවුනි අමාවස්යා දිනය සහ වසර 144 කින් පසුව යෙදෙන ත්‍රිවෙනි යෝග් නමැති විශේෂ ග්‍රහ පෙළගැස්ම හේතුවෙන් මෙවර චාරිත්‍රය සඳහා විශේෂ උනන්දුවක් මතුවීම හේතුවෙන්.

බැතිමතුන් ශුද්ධ වූ ස්නානය පැවැත්වෙන ගං ඉවුර වෙත පැමිණීමට උත්සාහ කිරීමේ දී ඒ අසල බිම නිදාගෙන සිටි පිරිස පෑගීමට ලක්ව මෙම අනතුර සිදුවූ බව සඳහන් වෙනවා.

මෙම සිදුවීම හේතුවෙන් අම්රිත් ස්නාන් චාරිත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබෙන, නමුත් බැතිමතුන් තවමත් ස්නාන් චාරිත්‍රය සිදුකිරීමට උත්සහ කරමින් සිටින බවට වාර්තා වන අතර, අනතුරින් තුවාල ලැබූවන් රෝහල් වෙත ගෙනයාම තවමත් සිදුවන බවට ද වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *