දෙවුන්දර ඝාතනයේ ප‍්‍රධාන වෙඩික්කරු

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (07) එම සැකකරුවන් ගන්දර පොලිස් ස්ථානයට නීතිඥවරු දෙදෙනෙකු සමඟ ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වෙඩික්කරු බවට හඳුනාගෙන ඇති බවත්, පොලීසිය සඳහන් කරනවා.
ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 35 වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා.
මෙම සිද්ධිය වනුයේ, මාර්තු 21 වන දින දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කිරීමයි.
