මිද්දෙණිය ඝාතනයේ ප‍්‍රධාන වෙඩික්කරු

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

පසුගිය පෙබරවාරි 18 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් අරුණ විදානගමගේ නොහොත් ර්‍ණකජ්ජා” නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය අය අතර, ඔහුගේ 6 හැවිරිදි කුඩා දියණිය සහ 09 හැවිරිදි පුත්‍රයා ද බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණා.

කෙසේ වුවත්මෙම ත්‍රිත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු සහ යුද හමුදාවෙන් පලාගොස් පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී සිටි හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ද ඒ අතර සිටින බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *