OnmaxDT වංචාවේ ප‍්‍රධාන සැකකරු දිවයිනට

OnmaxDT මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරුව අද (21) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ලවී තිබෙනවා.

OnmaxDT තහනම් පිරමීඩ යෝජනා ක්‍රමය තුළින් සැකකරු රුපියල් කෝටි 7ක මුදලක් උපයාගෙන ඇති බවත්, ඉන් රුපියල් කෝටි 2 ක මුදලක් රැගෙන ඩුබායි රාජ්‍යය වෙත පලාගොස් ඇති බවත්, ඒ සම්බන්ධව සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *