අප්‍රේල් මස 06 වන දින දක්වා එම ශෝක කාලයක්

පුද්ගලයින් 2000 කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින දක්වා එම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
පසුගිය 28 වනදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 2000 කට අධික පිරිසක් මියගොස් ඇති බවට මේ වන විට තහවුරුවී තිබෙන අතර, කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර සිරවූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ අතර, තුවාල ලැබූ පුද්ගලයින් විශාල පිරිසක් රෝහල් ගත කිරීම හේතුවෙන් එරට රෝහල් පද්ධතිය ද අර්බුදයකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
භූකම්පනයෙන් රෝහල් ගොඩනැගිලි ද හානියට පත්ව ඇති අතර, බොහෝ රෝහල් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව එම සංවිධානය පවසනවා.
පුද්ගලයින් 2000 කට වැඩි පිරිසක් මරණයට පත්වෙලා
