විශ්‍රාමික බන්ධනාගාර අධිකාරීවරයාගේ ඝාතකයා

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදි 2 ක් යක්කලමුල්ල ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

තලගහවත්ත ප්‍රදේශයේ සීතලදොල ආරණ්‍ය සේනාසනය පාරේ කටුපොල් වත්තක දමා ගොස් තිබියදී මෙම සැකසහිත යතුරුපැදි දෙක හමුවී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව සැකකරුවන් සොයා අදාළ ප්‍රදේශය වට කරමින් මෙහෙයුමක් ආරම්භ කිරීමට යක්කලමුල්ල පොලීසිය පියවර ගෙන තිබෙනවා.

බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතාව ඊයේ (13) පස්වරුවේ, අක්මීමන තලගහපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී නාඳුනන වෙඩික්කරුවකු විසින් ඝාතනය සිදුකර පලාගොස් ඇති බව වාර්තා වුණා.

විශ්‍රාමික බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික මහතාගේ අක්මීමන, තලගහපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී අද පස්වරු 4.30 ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා පලාගොස් ඇති බව පොලීසිය පැවසීයග

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේල වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ විශ්‍රාමික බන්ධනාගාර අධිකාරීවරයා කරාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයග

වෙඩික්කරු විසින් ඔහුගේ හිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණි. කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

61 හැවිරිදි සිරිදත් ධම්මික මහතා දරුණු අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කලක් සේවය කර තිබුණු අතර, එහිදී ඔහුට පාතාල තර්ජන ද එල්ලවී ඇති බව පොලිසිය පවසනවා.

ඝාතනය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් 4ක් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *