නාවික හමුදාවටත් මේ දවස්වල වැඩ වැඩියි

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ධීවර යාත්‍රා 05 ක සිටි අදාළ ධීවරයින් පිරිස මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ දී සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කරනවා.

ඊයේ 22 රාත්‍රී සහ අද 23 අලුයම් කාලයේ උතුරු මැද නාවික විධානය මගින් අදාළ මෙහෙයුම සිදුකර ඇති බවත්, භාරයට ගත් ධීවරයින් සහ යාත්‍රා තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙන විත් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බවත් නාවික හමුදාව පවසනවා.

ඒ අනුව, මේ වසරේ ගතවූ කාලය තුළ නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී නාවික හමුදා භාරයට ගෙන තිබෙන මුලූ ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 131 දෙනෙකු වන අතර, ධීවර යාත්‍රා සංඛ්‍යාව 18 ක් ලෙස වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *