අලූත් චක‍්‍රලේඛය ඇමතිවරුන්ට පාඩුයි වගේ

ඇමතිවරුන්ට ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම්වරයා විසිනි.

මීට සමගාමීව ඇමතිවරුන්ට මාසිකව ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද ලීටර් 700 ක් දක්වා සීමා කර තිබෙන බව සඳහන් වෙනවා.

මීට පෙර අමාත්‍යවරයෙකුට වාහන තුනක් ලබා දුන් අතර මාසිකව ඉන්ධන ලීටර් 2,250 ක් හිමි වූ බව සඳහන් වෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *