නව රජයේ මංගල අයවැය

මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන මංගල අයවැය මෙය වෙන අතර, ඒ අනුව හෙට උදෑසන 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව සඳහන් වෙනවා.
මේ අතර, අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 13 වනදා පස්වරුවේ, පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.
එම සාකච්ඡාවට අමාත්‍යවරුන් පිරිසක් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහභාගි වී තිබෙන බව සඳහන් වෙනවා.