“B” කාඩ් එක වෙනුවට හඳුන්වා දෙන අලූත් එක

සේවක අර්ථසාධක අරමුදලේ ‘B’ කාඩ්පත වෙනුවට ‘E’ කාඩ්පතක් ලබාදීම සඳහා ලියාපදිංචි කිරීම් කඩිනමින් ආරම්භ කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
‘E’ කාඩ්පත ලියාපදිංචිය සහ ඒවා ලබාදීමට මතුවී ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට කම්කරු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් සිදු කිරීමටද නියමිත බවත් සඳහන් වෙනවා.
‘E’ කාඩ්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කළමනාකාරවරුන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු සේවකයන්ගේ අඩුවක් පවතින බවත්, මේ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ නොමැති වීමේ ගැටලුවක් මතුවී ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.
පෞද්ගලික සේවකයන් සඳහා ඇති පඩි පාලක සභා 44 ම අක්‍රීයව ඇති බවත්, ඒවා නැවත වහාම ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පැවසූ අමාත්‍යවරයා, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් තීරණය කීරීමේ බලය හිමි පඩි පාලක සභා මගින් දත්ත ලබාගැනීමට ජංගම සේවාවන් ආරම්භ කරන බවත්, ආයතනවලට බාධා නොවන අයුරින් එම දත්ත ලබාගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායම් සියලු පෞද්ගලික ආයතනවලට යොමු කරන බවත් වැඩිදුරටත් සඳහන් කරනවා.