ජනපති පාර්ලිමේන්තුවේදී කිව්ව ආරංචිය

එළැඹෙන අප්‍රේල් මස 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමිනි.
ඒ වගේම, සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතුද, ඒ සමගම ආරම්භ කිරීමට නියමිත බව පැවසු ජනාධිපතිවරයා, රටේ ස්ථාවරභාවය හේතුවෙන් මෙලෙස රාජ්‍ය නායකයෙකු ලංකාවට පැමිණෙන බව ද සඳහන් කර සිටියා.
විශේෂයෙන් ම මාස දෙකක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්යය බලාගාරයකුත්, මන්නාරමේ නව සුළං බලයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙගාවොට් 50ක බලාගාරයකුත් සෑදීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටි බව සඳහන් වෙනවා.
