ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යයි

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 24 ක් දක්වා ඉහළගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා.

වසර 1,300 ක් පැරණි විහාරස්ථානයක් ද මෙම ගින්නෙන් විනාශ වී ඇති බව එම මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යෑම ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පවසන අතර, ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතරල පුද්ගලයින් 27,000ක් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප 6ක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330 ක් ගිනිගෙන ඇති අතර, පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *