රත්තරං නිසා මියගිය සංඛ්‍යාව ඉහළට

මාලි රාජ්‍යයේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නීති විරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ රන් පතලක මෙම නායයෑම සිදුව ඇති අතර, එම අවස්ථාවේ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් විශාල පිරිසක් එහි සිටි බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, සිද්ධියෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන සමාගමක් විසින් කලක් පවත්වාගෙන ගොස් අත්හැර දැමූ පතලක මෙම නායයෑම සිදුව තිබූ අතර, මාලි රාජ්‍යය අප්‍රිකාවේ ප්‍රමුඛතම රන් නිෂ්පාදකයෙකු වන නමුත් රන් පතල් ආශ්‍රිතව නායයාම් ඇතුළු අනතුරු එරටින් සුලබව වාර්තා වෙනවා.

පසුගිය ජනවාරි මාසයේ ද දකුණු දිග මාලි රාජ්‍යයේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන් වූ බව වාර්තා වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *