හිරිකටු ඔයේ මෙහෙයුම

හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාමෙන් එහි සිරවී සිටි පුද්ගලයින් 35 දෙනෙකු මුදා ගැනීමට, ගැමුණු හේවා බළකායේ නන්පේරියල් කඳවුරේ ස්ථානගත, ආපදා සහන සේවා භට පිරිස් විසින් ඊයේ (01) සවස කටයුතු කර තිබෙනවා. එම උත්සාහය සාර්ථක වූ බවත් වාර්තා වෙනවා.

කොලොන්නාව ප්‍රදේශයේ සිට නන්පේරියල් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ දේශීය සංචාරකයින් 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සිද්ධියට මුහුණ දී ඇති බව යුද හමුදාව සඳහන් කරනවා.

යුද්ධ හමුදා භට පිරිස්වල කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵල මත, මෙලෙස හිරිකටු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමට පෙර සිවිල් වැසියන් ආරක්ෂිතව මුදා ගැනීමට හැකි වූ බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *