අධිකරණයෙන් ලංවිම ට දුන් නියෝගය

විදුලි සැපයුම් ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබා ගත් සුරක්ෂිත තැන්පතු මුදල් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කර තිබෙනවා.
ඒ, විදුලි බල මණ්ඩලය හා විදුලි බල හා පුනර්ජනණීය බල ශක්ති පාරිභෝගකයන්ගේ සංගමය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද 28 කැඳවූ අවස්ථාවේදීයි.