පාස්පෝට් එක දෙන්නෙ මේ විදිහටයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන බව දැනුම්දෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් බී.එම්.ඩී. නිලුෂා බාලසුරිය විසින් ඒ බව සඳහන් කර තිබෙනවා.
ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙරවරු 6 සිට සිකුරාදා මධ්‍යහ්න 12 වන තෙක් පමණක් සිදු කරන බවද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.